top of page

Ideamart – Idea එකට වටිනාකමක් දෙන්න. හොඳ income එකක් ලබාගන්න.


Ideamart, ආසියාවේ විශාලතම Digital services developer eco system එක ලෙසත් හඳුන්වන්න පුලුවන් . මොකක්ද ඇත්තටම මේ ideamart? මොන වගේ දෙයක්ද මේකෙන් කරන්න පුලුවන්? ඉතා හොඳ income එකක් ලැබෙන්නෙ කොහොමද?

මේ හැම ගැටලුවකටම පිලිතුරු මේ ලිපියෙන් අපි කතා කරමු.

ඉතින් ඔබ ලඟ තිබෙන ඉතා වටිනා අදහස් වලට නිසි අගයක් ලබා දෙන ideamart ගැන ඔබ අනිවාර්යයෙන් දැන ගත යුතුමයි.

මුලින්ම කියන්න ඕනෙ ඔබට ideamart එක්ක සම්බන්ධ වෙන්න කිසිදු programming knowledge එකක් අත්‍යවශ්‍ය නෑ. ඔබ developer කෙනෙක් උනත් non developer කෙනෙක් උනත් එහෙමත් නැත්නම් enterprise එකක් උනත් ideamart එක්ක සම්බන්ධ වෙන්න ඔබට පුලුවන්.

මේ දේත් හිතේ තියාගෙන මුලින්ම ideamart කියන්නෙ මොකක්ද කියල අපි කතා කරමු.

Ideamart කියන්නෙ Dialog Axiata විසින් නිර්මාණය කරන ලද platform එකක්. මේකෙ මූලික අරමුණ වෙලා තියෙන්නෙ මේ platform එක හා සම්බන්ධව වැඩ කරන පිරිස වෙනුවෙන් API හරහා Dialog network එක හා සම්බන්ධ features ලබා දෙන එක.

ඉතින් ideamart මගින් අවස්තාව ලබා දීල තියනව මේ API භාවිත කරමින් applications නිර්මාණය කරන්නත් ඒ මගින් ඉතා පහසුවෙන් ආදායමක් ලබා ගැනීමටත්.

ලබා දී ඇති templates මගින් application නිර්මාණය කිරීමටත්, ඒ වගේම API භාවිත කරමින් application තමන්ට අවශ්‍ය ලෙස නිර්මාණය කරගැනීමටත් ideamart අවස්තාව දී තිබෙනව.

මේ වෙද්දී ideamart සමග 9000 ඉක්මවූ app developersල ප්‍රමාණයක් විසින් 14000කටත් වඩා වැඩි app ප්‍රමාණයක් නිර්මාණය කර තිබෙනවා.

ඒ වගේම තමයි ලංකාවේ විශ්වවිද්‍යාල සියල්ලක්ම පාහේ ආවරණය කරමින් එමෙන්ම විවිධ පාර්ශවයන් සම්බන්ධ කරගනිම්න් ideamart outreach 300කට වඩා වැඩි ප්‍රමාණයක් පවත්වා තිබෙනව. මෙහි මූලික අරමුණ ඔවුන් තුල ඇති නව අදහස් වලට අවස්ථාවක් ලබා දීමයි.

ඒ වගේම තමයි ප්‍රධාන events කිහිපයක් සඳහාම ideamart විසින් අනුග්‍රහයද ලබා දෙනව.

Ideamart products

Ideamart විසින් විවිධ products වර්ග කිහිපයක්ම හඳුන්වා දී තිබෙනව. මෙම products අපට අවශ්‍ය හා සිදු කිරීමට බලාපොරොත්තු වන කාර්යය අනුව තෝරාගත හැකි වෙනවා. මේ දැක්වෙන්නේ එම products වර්ග කිහිපයයි.

මුලින්ම මෙම products වර්ග කිහිපය හඳුනා ගනිමු.

  • Idea app

  • Ideapro

  • Ideadroid

  • Ideabiz

  • I say you do

  • Allapps.lk

ඉතා කෙටි කාලයක් තුලදී SMS based application එකක් සාදා ගැනීමේ හැකියාව idea app මගින් ලබා දී තිබෙනවා. මෙහිදී අවශ්‍යතාවට අනුව ආකාර කිහිපයක් යටතේ idea app නිර්මාණය කරගැනීමේ හැකියාව පවතිනවා.

වැදගත්ම කාරණයනම් idea app සෑදීම සඳහා කිසිදු programming දැනුමක් අවශ්‍ය නොවන අතර මිනිත්තු 5ක් ඇතුලත ඔබට අවශ්‍ය application එක නිර්මාණය කරගත හැකිය.

Idaea app වලින් සාදා ගත හැකි applications ආකාර පිලිබඳ දැන් සලකා බලමු.

  • Services

උදාහරණයක් ලෙස මෙම applications මගින් යම් ආයතනයකට තමන්ගේ පාරිභෝගිකයන් හට තම සේවා පිලිබඳ SMS මගින් දැනුවත් කිරීමට හැකියාව ලබා දී තිබෙනවා. උදාහරණයක් ලෙස ලබා දීමට නියමිත දීමනා ආදිය පිලිබඳ පාරිභෝගිකයින් දැනුවත් කිරීම ආදිය ගත හැකිය.

  • Contact

මෙම applications මගින් යම් යම් සේවා ලබා ගැනීමට ආයතන හා සම්බන්ධ වීමට අවස්ථාව සලසා දී තිබෙනවා. උදාහරණයක් ලෙස radio channel එකකට SMS මගින් ශ්‍රාවකයන්ගෙන් ඔවුන් කැමති ගීත ඉල්ලීමට අවස්ථාවක් ලබා දිය හැකිය. එමෙන්ම ඔවුන්ගෙන් අදහස් විමසීමට පවා භාවිතා කල හැකිය.

  • Voting

මෙය ඉතා ජනප්‍රිය application වර්ගයක් වන අතර සරලම උදාහරණයක් ලෙස reality show එකකට අදාලව ජයග්‍රාහකයන් තෝරා ගනීමට SMS මගින් votes ලබා ගැනීම ගත හැකිය.

  • Alert

මෙයත් ඉතා ජනප්‍රිය application වර්ගයක් වන අතර news alerts සේවා උදාහරණයක් ලෙස ගත හැකිය. තවද හදිසි අවස්ථා පිලිබඳ දැනුවත් කිරීම්, දැනුම්දීම් ආදිය සඳහා භාවිත කල හැකිය.

ඕනෑම ideamart app එකක් සෑදීමට පෙර ideamart account එකක් තිබීම අත්‍යවශ්‍ය වනවා. මුලින්ම පහත සඳහන් link එකෙන් ideamart account එකක් සාදාගන්න. මේ සඳහා Dialog connection එකක් තිබීමත් අත්‍යවශ්‍ය කාරණාවක්.

මේ ලින්ක් එකට visit කර පියවරෙන් පියවර idea app එකක් නිර්මාණය කරගන්නා ආකාරය දැනගන්න. එමෙන්ම application එකක් සෑදීමට උත්සහ කර බලන්න.

Idea pro applications මගින් ඔබ සතු programming දැනුමත් භාවිතා කරගනිමින් විශාල scope එකක් ආවරණය කරමින් applications නිපදවීමට අවස්ථාව ලැබෙනවා.

එමෙන්ම මෙමගින් අවශ්‍යතාවයට ගැලපෙන අයුරින් Dialog API භාවිත කරමින් application නිර්මාණය කිරීමට අවස්ථාව ලබා දී තිබීමද විශේෂත්වයක්.

උදාහරණයක් ලෙස user කෙනෙක් සඳහා USDD menu එකක් මගින් තමන්ට අවශ්‍ය ලෙස යම් සේවා ලබා දීමටනම් USDD API එක භාවිත කර application නිර්මාණය කල යුතුය.

මෙවැනි තවත් API රැසක සහයෝගය ලබාගෙන idea pro application නිර්මාණය කිරීමේ අවස්තාව ideamart විසින් ලබා දී තිබෙනවා.

Idea pro application සඳහා ලබා දී ඇති API පිලිබඳ දැනගනිමු.

  • SMS API (Short message service)

HTTP Based API එකක් මගින් SMS යැවීමට හා ලබාගැනීමට මෙමගින් හැකියාව ලබා දී තිබෙනවා. මෙමගින් මූලික වශයෙන් දුරකතන අංකය වෙනුවට කුඩා code එකක් සමග SMS යැවිම, යැවූ SMS වලට අදාළ delivery status එක ලබා ගැනීම ආදිය සඳහා භාවිත කල හැකිය.

මෙහිදී සිදුවන්නේ application එකක් භාවිතයෙන් දුරකතන වලට SMS යැවීමයි.

මෙම API එක භාවිතා කරන ආකාරය පිලිබඳ සම්පූර්ණ දැනුමක් මෙම link එකට visit කර ලබා ගන්න. මෙහිදී application එකට අදාලව message send කිරීම මෙන්ම request හා response පිලිබඳ ඉතා හොඳින් පැහැදිලි කරගත හැකිය.

  • USDD API (Unstructured Supplementary Service Data)

මෙම API එක භාවිතයෙන් USDD menu සහිත application නිර්මාණය කරගත හැකිය.

මේ රූපයේ දැක්වෙන්නේ USDD menu සඳහා උදාහරණයකි.

Website එකට visit කර USDD API පිලිබඳ සම්පූර්ණ දැනුමක් ලබාගන්න.

  • CaaS API (Charging as a Service)

මෙයත් idea pro application නිර්මාණය කිරීමේදී ඉතා වැදගත් API එකක් වන අතර මෙමගින් application එක හරහා account balance එක මෙන්ම තවත් තොරතුරු ලබා ගැනීමට හැකියාව පවතිනවා.

Website එකට visit කර CaaS පිලිබඳ විස්තරාත්මකව දැනගන්න.

  • LBS (Location Based Service)

මෙයත් ඉතා සිත්ගන්නසුලු වැදගත් API එකක්. LBS API එක මගින් smart phone එකකින් පමණක් නොවෙයි සාමාන්‍ය feature phone එකකින් වුවද real time location එක සොයාගත හැකිය.

මෙම API එක මගින් location එකට අදාල request sending හා receiving handle කිරීම තුලින් අදාල location එක සොයාගත හැකිය. මෙහිදී location එක දැන ගැනීම සඳහා request කල විට request කල mobile number එකට අදාල location එක idea pro application එක මගින් ලබා ගත හැකිය.

  • Subscription API

මෙම API එක යම් සේවාවක් හා සම්බන්ධව subscriber management සඳහා භාවිත කල හැකි API එකකි.

උදාහරණයක් ලෙස යම් සේවාවක් සඳහා register හෝ unregister වීමට හා subscription notification වලට අදාල කටයුතු manage කිරීමට භාවිත කරයි.

  • IVR (Interactive Voice Response)

මෙම API එක භාවිතයෙන් කලින් record කර ඇති voice මගින් සේවා ලබා ගැනීමට අවස්ථාව ලබා දී ඇත.

IVR applications මූලික වශයෙන් calls control කිරීමටත් call සඳහා response කිරීමටත් යොදාගනී. මෙහිදී අදාල audio record files developer විසින් ඇතුලත් කර තැබිය යුතුය.

idea pro application එකක් නිර්මාණය කිරීම සඳහා developer bundle එක download කරගත යුතු අතර ඒ සමග ideamart simulator එකද ලැබේ.

Developing කරන විටදී මෙම simulator එක මගින් application එකට අදාලව testing කරගැනීමට හැකියාව ඇත.

මෙම link එකෙන් idea pro ගැන විස්තර මෙන්ම developer bundle එකද download කරගත හැකිය.

ප්‍රධාන වශයෙන් ideadroid භාවිතයෙන් ideamart platform එක හා සම්බන්ධ Android applications ඉතා පහසුවෙන් නිර්මාණය කරගැනීමේ අවස්ථාව ලබා දී තිබෙනවා.

එමෙන්ම මෙමගින් business එකට අදාලව customer base එකක් සාදාගෙන තම වෙළෙඳ කටයුතු පහසුවෙන් සිදු කරගැනීමටත් පාරිභෝගිකයන් හට වඩාත් සමීප වී ඔවුන්ට අවශ්‍ය ලෙස භාණ්ඩ හා සේවා ලබා දීමටත් මෙමගින් හැකියාව ඇත.

නිර්මාණය කර ඇති USDD හා SMS applications පවා ඇතුලත් කර මෙම app store එක සාදා ඇත. ඔබට අවශ්‍ය පරිදි applications ලබා ගත හැකි අතර මෙය ශ්‍රීලංකාවේ විශාලතම app store එක ලෙසද හැඳින්විය හැකිය.

ideabiz මගින් ඔබගේ organization එකට අදාලව Dialog network features ලබා ගැනීම සඳහා ideamart විසින් ලබා දී ඇති තවත් අවස්ථාවකි. මෙය organizations සඳහා විශේෂ වූ application වේ. මෙමගින් organization එකට අදාල requirements සඳහාම විශේෂ වූ applications නිර්මාණය කරගත හැක.

මෙය ideamart වල next generation එක කිවහොත් නිවැරදිය. ඒකට හේතුව සාම්ප්‍රදායික application වලින් බැහැරව නවීන applications නිපදවීම මෙහි මූලික අරමුණ වේ.

උදාහරණයක් ලෙස නිවසේ විදුලි පද්ධතිය application එකක් හරහා පාලනය කිරීම වැනි සංකීර්ණ application නිර්මාණය කරගැනීමට I say you do මගින් අවස්ථාව සලසා ඇත.

අප මෙතෙක් වෙලා කතා කල කරුණු ideamart හා සම්බන්ධ මූලික කරුණු පමණයි. මීට අදාල tutorials, blog posts වගේම ideamart facebook page එක හරහාද ඔබගේ දැනුම වර්ධනය කරගත හැකි අතර application තමන්ගේම application එකක් මගින් මුදලක් උපයාගැනීමටත් මෙමගින් හැකිය.

Ideamart for women

ඒ වගේම තමයි ideamart for women program එකත් ideamart වල තවත් එක් විශේෂ program එකක්. මේ program එක විශේෂයෙන්ම නිර්මාණය කරල තියෙන්නෙ කාන්තාවන් සඳහා. තාක්ෂණික කටයුතු සඳහා කාන්තාවන්ගේ යොමු වීම ඉතා අඩුයි. නමුත් ideamart for women program එක මගින් කාන්තාවන් සතු වටිනා අදහස් වලට අවස්ථාවක් ලබා දී තිබෙනවා.

මේ program එක හරහා සාර්ථකත්වයට පත් වූ කාන්තාවන් විශාල පිරිසක් අද වන විට බිහි වී තිබෙනවා.

මෙම program එකේ මූලික අරමුණු දෙකක් තිබෙනවා.

  • Ideamart හා සම්බන්ධ female customer base එක වැඩි කිරීම.

  • Ideamart හා සම්බන්ධ female developer/ service provider base එක වැඩි කිරීම.

මේ සඳහා ideamart විසින් awareness sessions විශාල ප්‍රමාණයක් විවිධ අවස්ථා වලදී පවත්වන අතරම මීට අදාල events සංවිධානය කිරීමද සිදු කරනවා.

Ideamart මගින් මුදල් උපයන්නේ කෙසේද යන්න දැන් කතා කරමු.

උදාහරණයක් ලෙස ඔබට අයත් SMS application එකක් සඳහා subscribersල 1000ක් සිටිනවා යයි සිතන්න. අයෙකුගෙන් දිනකට ඔබගෙන් ලබා ගන්නා සේවය සඳහා රුපියල් 2ක් අය කරනවා යයි සිතන්න.

එසේනම් දිනකට ඔබට රුපියල් 2000ක් ලැබේ.

සිතා බලන්න මිනිත්තු කිහිපයක් වැය කර සාදාගන්නා application එකක් මගින් සිතාගත නොහැකි ආදායමක් ලබා ගත හැකියි නේද?

Dialog ආයතනය මගින් ලබා දෙන සේවාවන් සඳහා ඔබගේ ආදායමෙන් 30% ප්‍රතිශතයක් අය කරගන්නා අතර ආදායමෙන් 70%ක ප්‍රමාණයක් ඔබට හිමි වේ. එනම් දිනකට රුපියල් 1400ක් ඉහත උදාහරණය අනුව ලැබේ.

ඔබ subscriber ප්‍රමාණය වැඩි කර ගන්නා තරමට ඔබට ලැබෙන ආදායම සිතා බලන්න.

මේ දැක්වෙන්නේ උදාහරණයක් ලෙස idea app සහ idea pro app වලදී ඔබට මුදල් අය කර ගත හැකි ආකාරයයි.

  • Idea app

  • Idea pro app

මූලික වශයෙන් application එක promote කරගැනීමට පවා dialog ආයතනයෙන් ඔබට සහයෝගය ලබා දීමත් වැදගත් කරුණකි.

අවශ්‍ය වන්නේ ඔබගේ වටිනා අදහසක් පමණයි.

මේ පිලිබඳ ඇති ගැටලු නිරාකරණය කරගැනීම සඳහා ඉතා විශාල පිරිසක් ඔබ වටා සිටිනවා. අවශ්‍ය වන්නේ ඔබගේ උනන්දුව හා පෙර සඳහන් කලාක් මෙන් වටිනා අදහස් පමණි.

ඔබට ඇති ඕනෑම ගැටලුවක් ideamart facebook group එකට යොමු කරන්න.

එසේත් නැතිනම් web site එකට visit කර දැනගන්න.

References :

bottom of page