Ext JS. වැඩිය අහලනම් නැතුව ඇති. ඒ තරම්ම ප්‍රසිද්ධ නැති උනත් ඉතාමත් සාර්ථක technology එකක් තමයි මේ. මේ technology එක භාවිතා කරල කරන්න පුලුවන් දේවල් මෙපමණයි කියල කියන්න බෑ. මේක web technology එකක් උනත් application software එකක වගේම features මේ මගින් ලබා ගන්න පුලුවන්.
මුලින්ම මේ screen shot ටික බලල ඉන්නකො. එතකොට අවබෝදයක් ලැබෙයි මොන වගේ දේවල්ද මේකෙන් කරන්න පුලුවන් කියල.
Browser එකේ run උනත් standalone application software එකක තියන features ලබා ගන්න පුලුවන් කියපු කතාව පැහැදිලියි නේද? Ext JS එක්ක UI components විශාල ප්‍රමාණයක් ලැබෙනව. ඒ අතර calander, grid, charts වගේ දේවල් ප්‍රධානයි.
මේ තියෙන්නෙ UI Component hierarchy එකක්.
අපි මේ පිලිබඳව විස්තරාත්මකව කතා කරමු.
Ext JS මගින් developer කෙනෙකුට දත්ත හා සම්බන්ධ කාර්යයන්, විවිධ platforms අතර සම්බන්ධතා ගොඩනැංවීමට අවශ්‍ය පහසුකම් ලබා දෙන අතරම නවීන browser වලට අදාල HTML5 සමග වැඩ කිරීමට අවස්ථාව ලබා දෙනව.
මුලින් කතා කලා වගේම Ext JS වල Grid system එක සහ charts උපයෝගී කරගෙන ඉතා විශාල දත්ත ප්‍රමාණ හැසිරවීමට හැකියාව තියනව. ඒ වගේම තමයි frontend development වලදීද ඉතාමත් සාර්ථක ලෙස Ext JS කටයුතු කරනවා.
Ext JS හා සම්බන්ධ වැදගත් කරුණු.
1. UI components
මේ පිලිබඳ සාකච්ඡා කරන විට ඉතා හොදින් පරීක්ෂා කරන ලද UI component Ext JS වල අඩංගු වෙනවා. මේ නිසා errors අවම කරගනිමින් development කිරීමේ හැකියාව පවතිනවා.
මේ UI component වලින් සමහරක් පහතින් දක්වල තියනව.
HTML5 calander
Grid
Pivot grid
D3 adapter
Trees
Lists
Forms
Menu
Toolbar
Panels
Windows වගේම තවත් components සියගණනක් මෙහි අඩංගු වනවා.
උදාහරණයක් විදියට Grid ගැන සලකනවානම් Grid එකේදිම data add කරන්න edit කරන්න remove කරන්නත් අවස්ථාව ලැබෙනව. ඒ වගේම තමයි මේකෙදි windows drag කරන්න minimize කරන්න වගේම tab type එකට view කරන්නත් පුලුවන්.
2. Data Analytics
Ext Js වල ඉතා සාර්ථක මෙන්ම නිවැරැදි දත්ත විශ්ලේෂණ සහිතව ඉදිරිපත් කිරීමේ හැකියාවත් පවතිනවා. මීට අමතරව Sorting, grouping, column locking වගේ කාර්යයන් සඳහාද ඉඩ කඩ විවර කර දී තිබෙනවා.
ඒ වගේම තමයි exporter plugin එක මගින් grid වල තිබෙන දත්ත XLSX, XML, CSV, TSV හා HTML ලෙස විවිධ format වලින් export කරගැනීමේ හැකියාවද පවතිනවා.
3. Data visualization
D3 adapter එක මගින් (Data-Driven Documents Package) heatmaps, treemaps, sunbursts වගේ දත්ත ප්‍රදර්ශන ආකාර මගින් දත්ත පෙන්නුම් කිරීමේ හැකියාව මෙහි පවතිනවා. ඒ වගේම තමයි dynamic හා static charts (line, bar, pie) වර්ගද මෙහිදී යොදා ගනු ලබනවා.
3. Built-in themes
මෙහිදී නිර්මාණාත්මක thems වර්ග අවශ්‍යතාවය අනුව ලබා ගැනීමේ හැකියාව පවතිනවා. උදාහරණ ලෙස පවසනවානම් Trion, Classic, Neptune, Crisp වගේ thems පවතිනවා.
Ext JS වල වාසි.
1. අවශ්‍ය ඕනෑම component එකක් භාවිත කිරීමේ හැකියාව.
Ext JS වලට අදාලව ඉතා විශාල component library එකක් පවතිනවා.
Ext JS 6 ගැන සලකන විට desktop සහ mobile devices වලට supportive components මෙහිදී භාවිතා කල හැකියි.
2. 2007 සිට පරීක්ෂා කර ගැටලු නිරාකරණය කර තිබීම.
Ext JS වලට අදාලව පැන නගින ගැටලු ඉතා සීමිතයි. මේකට හේතුව තමයි 2007 වර්ෂයේ සිටම බොහෝ දෙනෙක් භාවිත කර ඇති නිසා ගැටලු ප්‍රමාණය මේ වන විට අවම මට්ටමක පැවතීම.
3. අවශ්‍යතාවට ගැලපෙන ලෙස tools පැවතීම.
මේ මගින් developer බලාපොරොත්තු වෙන ආකාරයටම අදාල web application එක නිර්මාණය කරගැනීමට අවකාශය සකස් කර දී තිබෙනවා. මේ සමගම Sencha CMD එක, IDE plugins සහ Sencha inspector වැනි tools මගින් මේ කාර්යය තවත් පහසු කරනවා.
4. Type script වැනි දේවල් දැනගෙන සිටීමේ අවස්ථාවක් නොමැති වීම.
අවශ්‍ය අයෙකුට දින 30ක පරීක්ෂා කිරීමේ කාලයක් සමග Ext JS ලබා ගත හැකියි.
මේ තියෙන්නෙ Ext JS වල documentation එක. මේක follow කරල මේ ගැන වැඩි විස්තර දැන ගන්න පුලුවන්.
අද අපි කතා කලේ ඉතා වැදගත් වන technology එකක් පිලිබඳව. ඉතින් මේ කතා කලේ ඉතා සුලු කොටසක් පමණයි. ඉතින් මෙතනින් නවතින්නෙ නැතුව තවත් මේ ගැන බොහො දේවල් ගැනසොයා බලන්න.
තවත් ලිපියකින් හමු වෙමු.
මූලාශ්‍ර :