මම හිතුව හැමදාමත් කතා කරන technology related blog post වලින් එහාට ගිහින් වෙනස්ම දෙයක් ගැන කතා කරන්න. මේ වෙනකොට ලෝකෙ ආන්දෝලනයක් ඇති කරල තියන ඒ වගේම තමයි හැම දෙනාම දැනගන්න කැමැත්තෙන් ඉන්න නිතරම ඇහෙන දෙයක් ගැන කතා කරන්න. ඒ තමයි BitCoin.
මේ නම අහල නැති කෙනෙක් නැති තරම්. අන්තර්ජාලය භාවිතා කරනවානම් මේක බොහොම common නමක්. ඇත්තටම මොකද්ද මේ BitCoin? එහෙමත් නැත්නම් Cryptocurrency? දැන ගන්න කැමතිනම් මේ ලිපිය ඔයාල වෙනුවෙන්.
අපි කතාව සරලව පටන් ගනිමු.
අපි හැමෝම මුදල් එක්ක ගනුදෙනු කරල තියනව. නෝට්ටු, චෙක්පත් එහෙමත් නැත්නම් Credit හෝ Debit කාඩ් හරහා අපි ඕනෑ තරම් මුදල් ගනු දෙනු සිදු කරල ඇති. රටකට අදාල මුදල් පිලිබඳ වගකීම තියෙන්නෙ central bank එකට. Central bank එකට උනත් මේ මුදල් පාලනය සරල දෙයක්නම් නෙවෙයි. ඒ වගේම තමයි රටවල් අතර සිදු වන මුදල් හුවමාරුවත් සරල දෙයක් නෙවෙයි.
මෙහෙම තත්වයක් ඇතුලෙදි තමයි 2008 වර්ෂයේදී සතොශි නකොමොටෝ කියන පුද්ගලයෙක් research paper එකක් publish කරන්නෙ. ඔහු සොයාගත් මේ දේ මෙතරම් පෙරලියක් සිදු කරයි කියල කවුරුත් නොසිතන්න ඇති.
මේකෙන් කියවුනේ මුලින් කතා කරපු අවහිරතා මග හරිමින් ඕනෑම කෙනෙකුට නිදහසේ පාවිච්චි කරන්න පුලුවන් electronic cash system එකක් ගැන. මුලින්ම අපි පැහැදිලි කරගනිමු මොකද්ද මේ electronic cash system එකක් කියන්නෙ කියල.
මෙතනදි අපි මුදල් නෝට්ටු වෙනුවට භාවිතා කරන්නෙ මුදල් වලට සමාන වටිනාකමක් සහිත digital records. ඉතින් අපිට තව කෙනෙකුට ගෙවීමක් සිදු කරන්න ඕනෙනම් කරන්න තියෙන්නෙ මේ digital record එක ගෙවීම කල යුතු කෙනාට යවන එක විතරයි. හරියට internet එකෙන් e mail එකක් එහෙමත් නැත්නම් message එකක් යවනව වගේ. වැඩේ සරලයි, ඒ වගේම ඉක්මන්.
මේ cash system එකේ තියන විශේෂත්වය තමයි මේක decentralized system එකක්. ඒ කියන්නෙ විසිරුණු පද්ධතියක්.
මේ නිසා මේකෙ ආරක්ෂාව ඉතා ඉහලයි. අපි ඒ ගැන මෙහෙම කතා කරමු. අපේ රටේ central bank එකේ ලංකාවෙම සල්ලි දාල තියනව කියල හිතමු. එතකොට පහු ගිය කාලෙ උනා වගේ bank එකට හොරු පැන්නොත් ඔක්කොම සල්ලි නැති වෙනව ;-) නමුත් අපි බැංකු කිහිපයක මේ සල්ලි දැම්මොත් ආරක්ෂාව වැඩියි නේද?
ඉතින් මේ system එක පාලනය වෙන්නෙ algorithm එකකින්. ඒ කියන්නෙ වෙන්න ඕනෙ දේ program කරල එහෙමත් නැත්නම් ක්‍රමලේකනය කරල තියෙන්නෙ. හරියට software එකක් වගේ.
ඉතින් කාට හරි හිතෙන්න පුලුවන් e mail එකක් forward කරනව වගේ මේ තියන record එක forward කලානම් ගෙවීම් දෙක තුනක්ම කරන්න පුලුවන් කියල. ඒක හිතන තරම් ලේසි නෑ. මොකද කියනවනන් system eka ඒ තරම් මෝඩ නෑ. අනිත් එක තමයි සතොශි නකොමොටො කියන්නෙ ඇත්ත පුද්ගලයෙක් නෙවෙයි. හරියට anonymous වගෙ. ඔහු අනන්‍යතාව සඟවන්න තමයි මේ නම දාගෙන තියෙන්නෙ.
ඉතින් මේ කියන copy past, forward ගැටලුවට විසඳුමක් විදියට මොහු හඳුන්වා දුන්නෙ decentralized ledger එකක්. ලෝකෙ සිද්දවෙන හැම transaction එකක්ම මේකෙ සටහන් වෙනව. ඒ නිසා ඒකට බොරුවක් කරන්න අමාරුයි. ඉතින් කෙනෙකුට හිතෙන්න පුලුවන් ledger එක hack කලානම් හරිනෙ කියල. ඒකත් හිතන තරම් ලේසි දෙයක් නෙවෙයි. මොකද කියනවනන් මේ තරම් වටිනා දේක security ගැන මොන තරම් අවධානයක් යොමු කරල ඇතිද.
මේ කියන leger එක ඉතා සංකීර්ණ algorithms පාවිච්චි කරල encrypt කරල තියෙන්නෙ. ඒ කියන්නෙ ඇත්තටම තියෙන්න ඕනෙ text එක වෙනුවට හදාගත්ත text එකක් තමයි තියෙන්නෙ. මේ දේට අපි cryptography කියලත් කියනව. ඉතින් Cryptocurrency කියන නම කොහොමද ආවෙ කියල හිතාගන්න පුලුවන් නේද?
අපි හිතමු කොහොම හරි මේ encryption එක කැඩුව කියල. ඒ කියන්නෙ අපිට leger එකට access ලැබුන කියල. එහෙම උනත් අපිට system එකට ඇතුල් වෙලා කරන්න පුලුවන් දෙයක් නෑ. මේකට හේතුව තමයි decentralized system එකක් වීම.
Leger එක encrypt කරල ලෝකෙ පුරා තියන මිලියන ගානක් computers වලට බෙදල දීල තියනව. ඉතින් මුලු ledger එකම කියවන්නනම් computers මිලියන ගානක් hack කරන්න වෙනව. මීට අමතරව hash code එකත් එක්ක block chain එක link කරල මේ security එක තවත් වැඩි කරගෙන තියනව. මේ දේවල් ඉතා සංකීර්ණ ක්‍රියාදාම.
අපි දැන් එන්නෙ BitCoin ලබා ගන්න විදිය ගැන කතා කරන්න. ඉතින් කලින් කතා කලා වගේ ලොකු process එකක් එක්ක යන විශාල වැඩක්. ඉතින් මේ process එකේ කොටස් කාරයෙක් වෙන්න අපිට පුලුවන්. මේ කියන decentralized system එක අපි ලඟ තියන resources use කරල ඒ කියන්නෙ computer එක, internet connection එක computer එකේ processing power එක පාවිච්චි කරල මේ process එක එහෙමත් නැත්නම් block chain එක maintain කරන්න අපේ දායකත්වය ලැබුනම අපිට ගෙවීමක් විදියට bitCoin හම්බ වෙනව.
වැදගත්ම කාරණය තමයි සල්ලි අච්චු ගහනව වගේ bitCoin ප්‍රමාණය වැඩි කරන්න බෑ. ලෝකයේම සංසරණය වන BitCoin ප්‍රමාණය මිලියන 21ක්. ඉතින් දවසින් දවස මේවගෙ වටිනාකම වැඩි වෙනව මිසක් අඩු වෙන්නෙනම් නෑ.
ඉතින් මේ block chain එක maintain කරන්න මේ වෙද්දි විශාල processing power එකක් අවශ්‍ය වෙනව. ඉතින් මේ නිසාම මේකට හරියන වෙනම devices නිර්මාණය වුනා. ASIC (Application Specific Integration Circuit) කියන්නෙ මේ වගේ කුඩා computer එකක්. මේක BitCoin mining සඳහාම නිර්මාණය කරපු එකක්.
ඉතින් හිතාගන්න පුලුවන් නේද මේකෙ නිර්මාණකරුවා මොන තරම් දෙයක් හිතල තියනවද කියල. මේ අපි කතා කරන bitCoin එකක මුල් කාලයේ අගය ඩොලර් ශත ගණනක්. නමුත් මේ වෙද්දි එක BitCoin එකක මිල ලංකාවෙ මුදලින් රුපියල් මිලියන 2.4ක් විතර වෙනව.
ඉතින් මේක තමයි Cryptocurrency වල කතාව.
BitCoin කියන්නෙ එක Cryptocurrency වර්ගයක් විතරයි. මේ තියෙන්නෙ තවත් ඒ හා සමාන Cryptocurrency වර්ග.
ඉතින් මේ ගැන දැනගන්න කැමැත්තක් තියනවනන් වැඩේ අතාරින්න එපා. තවත් හොයල බලන්න. අපි තව ලිපියකින් ඉදිරියේදී කතා කරමු කොහොමද BitCoin exchange එකකින් වොලට් එකක් හදාගෙන bitCoin මිලදී ගන්නෙ කියන එක පිලිබඳවත්.
ඉතින් තවත් ලිපියකින් හමු වෙමු.
මූලාශ්‍ර : TechTrack