top of page

Ballerina Language එක පිළිබඳව දැන ගනිමු.


අද අපි කතා කරන්න යන්නෙ Ballerina programming language එක ගැන. ඇත්තටම මේ language එක WSO2 කියන company එක මගින් තමයි හඳුන්වා දීල තියෙන්නෙ. ඉතින් මේ වගේ දෙයක් ගැන IT field එකේ ඉන්න හැම දෙනාටම අවබෝධයක් ලබා දෙන එක තමයි මේ ලිපියෙ ප්‍රධාන අරමුන. ඉතින් අපි මේ ගැන කතා කරමු.

2007 වර්ෂයේදී San Francisco හිදී පැවැත්වූ WSO2 USA 2017 conference එකේදී හඳුන්වා දෙන ලද මෙම programming language එක තවත් එක් programming language එකකට එහා ගිය විශේෂ ගුණාංගයන්ගෙන් එමෙන්ම නවීන ක්‍රමෝපායන්ගෙන් සමන්විත programming language එකක්.

මේක Integration programming language එකක් විදියට තමයි හඳුන්වා දීල තියෙන්නෙ. Ballerina වල main target එක තමයි developer කෙනෙක් නොවන අයෙකුට වූවත් පහසුවෙන් system integration වලට අදාල කාර්යයන් සිදු කරගැනීමට අවස්තාව ලබා දීම.

මේ සඳහා ballerina language එක ආකාර දෙකක් යටතේ භාවිතා කල හැකි අයුරින් නිර්මාණය කර තිබෙනවා.

  • සාමාන්‍ය ලෙස code ලිවීම මගින්

  • Design view එකට elements drag and drop කිරීම මගින්

මෙහි පළමු ක්‍රමය සියලු දෙනා දන්නා දෙයක්. නමුත් දෙවනුව සඳහන් කර ඇති ආකාරය එතරම් හුරුපුරුදු දෙයක් නොවේ. කෙටියෙන් කියනවානම් මෙතනදි සිදු වන්නේ design view එකේ sequence diagram එකක් ඇන්ද විට එය automatically code එකක් බවට පරිවර්තනය වීමයි.

Flexible, Powerful & Beautiful

  • Flexible

Ballerina පාවිච්චි කර sequence diagram එකක් මගින් integration හා සම්බන්ධ දේ කරගත හැක. මීට අමතරව IntelliJ, VScode වැනි IDE වලට plug-ins භාවිතයෙන් Ballerina වලින් code කිරීමේ හැකියාවද පවතී.

  • Powerful

Ballerina මගින් “Hello World!” program එකේ සිට system integration දක්වා සියලුම කාර්‍යයන් පාලනය කිරීමේ හැකියාව ඇත.

  • Beautiful

ඉහත කතා කල අයුරින් design view එක මගින් පහසුවෙන් අදාල කාර්‍යයන් කරගැනීමට අවස්ථාව සලසා දී ඇත. Diagram එක පිලිබඳ අවබෝධයක් ඇතිනම් coding ගැන සිතිය යුතු නැත.

අපි ballerina පාවිච්චි කිරීමට හේතු වන කරුණු කිහිපයක් සලකා බලමු. මේ සමහර දේවල් නොතේරුනත් ඒක ගැටලුවක් කරගන්න එපා. සුලු හෝ අවබෝධයක් ලබා ගත්තානම් ප්‍රමාණවත්.

Ballerina වල වාසි

  • Coding දැනුම නැතත් මෙහිදී sequence diagram ගැන අවබෝධයක් තිබෙනවානම් තමන්ට අවශ්‍ය ලෙස මෙම language එක භාවිතා කිරීමේ හැකියාව පවතිනවා.

  • මුලින් සඳහන් කලා වගේ Ballerina පාවිච්චි කරන්නේ system integration වලට. ඒ වගේම JSON හා XML messages සමග වැඩ කිරීමේ හැකියාවත් පවතිනවා.

  • එමෙන්ම HTTP, REST, Swagger භාවිතයත්, API සාදා ගැනීමේ හැකියාවත් තිබෙනවා.

  • ඒ වගේම මූලිකව Java, Go, Maven වගේ languages වල උදව්වෙන් network, data සහ security systems ඉතා effective විදියට සකස් කරල තියනව. (GoLang පිලිබඳ ලිපියක් මීට ඉහත පලකර ඇත GoLang Blog Post)

  • ඒ වගේම low latency, low memory usage වැනි performance වලින්ද මෙය සමන්විතයි.

  • ඊට අමතරව මෙය full scale programming language එකක් විදියටත් හඳුන්වන්න පුලුවන්. ඒ කියන්නෙ programming language එකකින් බලාපොරොත්තු වන සියලු දේවල් වලින් Ballerina සමන්විතයි.

  • ඒ වගේම තමයි ඉතා සරල language එකක් වන මෙය key concepts කිහිපයක් මත තමයි සම්පූර්ණයෙන් රඳා පවතින්නෙ.

මේකට උදාහරණයක් තමයි “Hello world!” program එක. ඕනෙම language එකක් පටන්ගන්නෙ මේ program එකත් එක්කනෙ. ඉතින් බලන්නකො මේක ballerina වලදි කොහොමද යොදාගන්නෙ කියල.

import ballerina.lang.system;

function main ( string[ ] args ) {

system : println ( “Hello World!” );

}

දැන් තේරෙනව නේද කුමන programming language එකක් උනත් fundamental level එකේදි සියල්ල සමාන බව. ඒකෙන් පැහැදිලි වෙන්නෙ අපිට fundamentals දන්නවානම් ඕනෙම language එකක් ඉගෙන ගන්න පුලුවන් බව නේද?

කලින් කතා කරපු code එක ගැන දැන්ම කතා කරන්න අවශ්‍ය නෑ. Ballerina වල සරල බව පෙන්වීමට පමණයි භාවිතා කලේ.

Six key Concepts of Ballerina

  • Services

  • Resources

  • Connectors

  • Actions

  • Functions

  • Workers

මෙම key concepts පිලිබඳව වැඩි දුර තොරතුරු වෙනත් ලිපියකින් අපි කතා කරමු.

දැන් අපි language එකේ functionality එක දෙසට අවදානය යොමු කරමු.

අනෙක් programming languages වල වගේම statements බොහෝ ප්‍රමාණයක් ඇතුලත්.

ඒවායින් කිහිපයක් පහතින් දක්වල තියනවා.

  • Assignment

  • If

  • While

  • Break

  • Try/ catch/ throw

  • Return

  • Action invocation

  • Fork/ join

  • Worker initiation/ invocation/ join/ reply

මෙම statements අවශ්‍ය අයුරින් භාවිතා කරමින් programs නිර්මාණය කරගත හැක. මේවායින් සමහරක් Ballerina වල ඉතා effective විදියට ක්‍රියා කරමින් අනෙක් languages වලට වඩා සාර්ථක programs නිර්මාණය කරගත හැක.

දැන් අපි එන්නෙ ටිකක් වැදගත් කොටසකට. වැදගත් වගේම අලුත් අත්දැකීමක්.

ඒ තමයි graphical editor එක එහෙමත් නැත්නම් composer එක ගැන කතා කරන්න.

Composer

Composer එක කියන්නෙ කලින් කිව්ව වගේම graphical editor එක. මේක run වෙන්නෙ browser එකේ. ඒ වගේම තමයි මේක cloud එකේ host කරන්න පුලුවන් වගේම directly edit කරන්නත් පුලුවන් කම තියනව.

ඒ වගේම තමයි Composer එක මගින් textual, graphical වගේම swagger representation යන ආකාර තුනෙන්ම program එක edit කරන්න හැකියාව තියනවා.

ඒ වගේම debugging part එකත් composer එක හරහාම සිදු කරගන්න පුලුවන්.

  • Design View

  • Source View

  • Swagger View

Docerina

Docerina කියන්නෙත් Ballerina වලදි ඉතා වැදගත් වෙන tool එකක්. Docerina මගින් තමයි API වලට අදාල documents generate කරන්නෙ. ඕනෑම Ballerina code එකකට අදාලව Docerina මගින් documentation part එක සිදු කරනව. ඒ වගේම තමයි HTML format එකෙන් තමයි මේ documentation එක create වෙන්නෙ. අවශ්‍ය අයුරින් format එක වෙනස් කරගැනීමේ හැකියාව පවතිනව.

Testerina

Ballerina වලදී unit testing සඳහා Testerina භාවිතා කරයි. මෙය unit testing සහ mocking framework එකක් ලෙස හඳුන්වන්න පුලුවන්.

Packerina

Packerina වල මූලික කාර්‍යයන් වන්නේ repositories manage කිරීම, Ballerina program වල dependencies manage කිරීම වැනි දේ වේ.

Installation of ballerina language

මුලින්ම Ballerina website එකට visit කර Ballerina Zip file එක download කරගන්න.

එම zip file එක unzip කරගැනීමෙන් අනතුරුව environment varibles setup කරගත යුතුය.

Bin folder එකට අදාළ path එක මෙලෙස environment variable වල path එක යටතේ add කරගත යුතුය.

නිවැරදි ලෙස Ballerina install වී ඇත්දැයි බලා ගැනීමට cmd prompt එකේ “ballerina” යන command එක ලබා දෙන්න.

First program with Ballerina

කැමති තැනකින් අලුත් folder එකක් create කරගෙන ඒ තුල hello.bal ලෙස file එකක් create කරගන්න. එම file එක text editor එකකින් open කරගෙන පහත code එක add කර save කරන්න.

දැන් එම folder එකට අදාලව cmd prompt එක open කරගෙන පහත command එක මගින් program එක run කරගන්න.

Ballerina run hello.bal

එවිට රූපයේ පරිදි output එක display වේවි.

Download කරගත් Ballerina folder එකේ ඇති sample programs එකින් එක මෙලෙස run කර බලන්න. එවිට මේ පිලිබඳ වඩාත් අවබෝධයක් ලැබේවි.

Composer එක open කරගන්නා ආකාරය

Cmd prompt එකේ “composer” command එක run කරන්න.

ඉන් පසු browser එකේ http://localhost:9091 URL එකට යන්න.

එවිට browser එකෙන් පහත පරිදි composer එක open වේවි.

Composer එක සමග වැඩ කරන ආකාරය ගැන විස්තර මෙම ලිපියෙන් කතා නොකරන අතර ඉදිරි ලිපි වලින් ඒ පිලිබඳ විමසා බලමු.

මෙම link එකෙන් මේ පිලිබඳ තවත් තොරතුරු දැන ගැනීමට හැකියාව ඇත.

ඉතින් මෙතනින් මේ පිලිබඳ අධ්‍යයනය කිරීම නවත්වන්න එපා. තව තවත් අලුත් දේ සොයා එකතු කරගන්න. මෙම ලිපියෙන් ඉතා කුඩා පරාසයක් පමණයි ආවරණය කරන්නෙ. ඉතින් තවත් ලිපියකින් අලුත් දෙයක් සමගින් හමු වෙමු. දිගටම එකතු වෙලා ඉන්න.

Like Us on facebook : Tech Seekers

මූලාශ්‍ර

bottom of page