top of page

React Native ගැන දැන ගනිමු.


React Native කියන්නෙ මොකක්ද?

සරලවම අපිට React වල ඊළඟ පරම්පරාව විදියට React Native හඳුනා ගන්න පුලුවන්. ඒ කියන්නෙ React වගේම Facebook විසින් develop කරපු JavaScript code library එකක්. 2013 වසරේදී තමයි github එකට release කරල තියෙන්නෙ.

Native App එකක් කියන්නෙ Specific Operating System එකකට අදාලව code කරපු app එකක්. React Native භාවිත කිරීම මගින් අපිට පුලුවන් අපි ලියපු code එක Web සහ Mobile සඳහා reuse කරන්න. React Native භාවිතය නිසා තව දුරටත් Android සහ IOS සඳහා එකම app එක වෙන වෙනම develop කිරීමේ අවශ්‍යතාවයක් ඇති වෙන්නේ නෑ. ඒ මොකද කියනවනන් මේ Operating Systems දෙකේදිම එකම code එක තමයි reuse කරන්නෙ.

අපි Final output එක එහෙම නැත්නම් අපේ app එක ගැන සලකා බැලුවොත් පෙනෙන දෙයක් තමයි React Native වලින් built කරපු app එක සහ objective-C හෝ Java වලින් built කරපු app එකක් අතර ඉතාම සුලු වෙනස්කම් කිහිපයක් තමයි පවතින්නෙ.

මේ වෙද්දි smart phones සඳහා භාවිතා වන ප්‍රධාන OS දෙකක් තමයි Android සහ IOS. ඒ වගේම තමයි ලෝකෙ පුරාම මේ වෙනුවෙන් App දහස් ගනනක් නිර්මානය වෙනව. මෙතනදි මේ OS දෙකට අදාලව වෙන වෙනම නිර්මාණ කරුවන් හෝ ඉන්ජිනේරුවන් අවශ්‍ය වෙනව.

නමුත් React Native මගින් මෙම ගැටලුවට විසඳුමක් ලබා දී තිබෙනව. මේ මගින් එක developer කෙනෙකුට මේ දේ ඉතා සරලව කරන්න පුලුවන් හැකියාව පවතිනව. ඉතින් ඉගෙනගන්න වටිනව නේද?

React Native වල වාසි

Community එක

React Native සඳහා බොහොමයක් online developer communities වල සහය ලැබෙනව. මේ නිසා අත්දැකීම් බහුල developersලගේ දැනුම සමගින් ඉතා ඉහල තත්වයෙන් යුතු app එකක් නිර්මාණය කිරීමට අපිට හැකි වෙනව.

උදාහරණයක් ලෙස අපිට යම් ගැටලුවක් මතුඋනා කියල හිතමු. මේ සඳහා ඉතා ඉක්මනින් විසඳුමක් ලැබීමට තරම් experienced developer network එකක් තියනව.

Faster Development

Speed එක කියන්නෙ development එකේදි සලකා බලන ඉතා වැදගත් දෙයක්. Developer කෙනෙක් තමන්ට අදාල කාර්‍යය ඉතා ඉක්මනින් නිම කරනවානම් ඒක තමයි ඔහුගෙන් බලාපොරොත්තුවන මූලිකම දෙය.

React Native භාවිතය තුලින් සාපේක්ෂව අඩු කාලයක් තුලදී ඉහල ගුණාත්මක භාවයෙන් යුතු app එකක් නිම කිරීමේ හැකියාව පවතිනවා.

කුඩා team එකක් පමණක් අවශ්‍ය වීම.

React Native මගින් IOS හා Android developersල එකතු කරල තියනව. මේ නිසා ඔවුන්ගේ තීරණ ගැනීම පවා පහසු කරල තියනව. ඒ වගේම කාර්යයන් සරල කරල තියනව.

React Native වල අවාසි.

ගොඩනංවමින් පවතින technology එකක්.

React Native කියන්නෙ perfect technology එකක් නෙවෙයි. සමහර අවස්ථාවන් වලදී සීමා සහිත වීමට සිදු වෙනවා. නමුත් දිනෙන් දින අලුත් දේවල් එකතු වෙමින් develop වෙනවා.

සමහර අවස්ථාවන් වලදී අපි විසින්ම modules නිර්මාණය කරගැනීමට සිදු වෙනවා. නමුත් අදාල දැනුම තියනවානම් එය එතරම් ගැටලුවක් නොවේ.

React Native මොකද Open Source කරල තියෙන්නෙ?

අපි හැමෝම එකතු වෙලා වැඩ කරනවානම් අපිට technology වල තත්වය ඉහල නංවන්න පුලුවන්.” මේ 2015 Facebook Blog Post එකක තිබුන දෙයක්.

ඇත්තටම කියනවනන් මේක එක trick එකක් විදියට හඳුන්වන්න පුලුවන්. මොකද කියනවනන් ලෝකෙ ඉන්න අත්දැකීම් බහුල පිරිසක් කිසිදු ගැටලුවක් නොමැතිව technology එකේ දියුනුව සඳහා සම්බන්ධ කරගන්න පුලුවන්.

Developer කෙනෙක්ට තියන වටිනාම දේ තමයි challenges. ඉතින් තමන්ගෙ වැඩ පෙන්වන්න මේක ඉතා වටිනා අවස්ථාවක් විදියට සලකන්න පුලුවන්.

ලෝකෙ පුරා මොන තරම් දියුනුවක් ලැබුවත් React Native තවමත් ලංකාව තුල භාවිතා කරන්නෙනම් සාපේක්ෂව ඉතාම අඩු පිරිසක්. Out dated technologies වලින් එහාට ගිහින් අලුත් technology එකක් try කරන්න කවුරු හරි හිතාගෙන ඉන්නවනම් Recommend කරන්න පුලුවන් හොඳම technology එකක් තමයි මේ. ඉතින් තවත් බලාගෙන ඉන්න එපා.. අදම පටන් ගන්න.

මේ link එකට ගිහින් react native ගැන refer කරන්න. එතනින් නවතින්නෙ නැතුව React Native setup කරගෙන පොඩි app එකක් හරි හදන්න try එකක් දෙන්න. ඕනෙම ගැටලුවක් තියනවනන් comment කරන්න.

bottom of page