top of page

Recent Posts

Categories

Posts

ලේසියෙන්ම MEAN ඉගෙන ගනිමු. (Part - 5)

  • BPriyabhashana
  • Nov 24, 2017
  • 2 min read

NodeJs භාවිතා කිරීම සහ body-parser

අපි angular භාවිතා කරල ලබා ගත්ත දත්ත request එකක් විදියට nodejs වලින් ලබා ගන්න සලස්වන එක තමයි මේ කොටසෙදි අපි කරන්න බලාපොරොත්තු වෙන්නෙ.

ඒ කියන්නෙ frontend සහ backend දෙකම සම්බන්ධ කරගන්න තමයි මේ සූදානම.

මේ කොටසේ code එක ගැන කතා කරන්න කලින් අපි බලමු මේකෙදි කරන්න බලාපොරොත්තු වෙන දේ.

මුලින්ම අපි මේ data ටික Angular වලින් request එකක් විදියට යවන්න ඕනෙ. මෙතනදි අපි මේ data යවන්නෙ HTTP request එකක් විදියට. HTTP request වලට අදාල HTTP methods තියනව. GET, POST, HEAD, PUT, DELETE වගේ methods තමයි අපි HTTP request වලට යොදාගන්නෙ.

PHP වලින් වැඩ කරල තියනවනන් මේ කොටස ගැන අවබෝදයක් ඇති. ඒ නැති උනත් කමක් නෑ. පහල තියන link එකෙන් HTTP request ගැන දැනුමක් ලබා ගන්න පුලුවන්.

මීළඟට අපි කරන්න ඕනෙ $http කියන object එක අපේ application එකට ලබා දෙන එක. මේකෙන් අපි බලාපොරොත්තු වෙන්නෙ අපේ request එක server එකට යවන එක සහ server එකෙන් response එකක් ලබා ගන්න එක. මෙතනදි request එක යවන්න තමයි අපිට HTTP methods ඕනෙ වෙන්නෙ. මේකෙදි අපි යොදා ගන්නෙ POST method එක. Code එක බැලුවම යොදාගන්න විදිය ගැන අවබෝදයක් ලබාගන්න පුලුවන්.

POST method එකෙන් එන request එකට response එකක් යවන්න වගේම ඒක node වලින් handle කරන්නත් ඕනෙ.

මේ කොටසට අපිට තව විශේෂ package එකක් ඕනෙ වෙනව. ඒ තමයි body parser කියන package එක.

body-parser

body-parser එක කියන්නෙ middleware එකක්.

අපි යවන request bodies අරගන්න තමයි මේක භාවිතා කරන්නෙ. req.body කියන property එකේ උදව්වත් අපිට ඕනෙ වෙනව මෙතනදි. ඒක අදාල වෙන්නෙ body-parser package එකට.

මෙතනදි අපි single body එකක් තමයි handle කරන්නෙ. මේ දේට අපිට body-parser එක ප්‍රමානවත් වුනත් multiple request handle කරනවනන් වෙනත් module එකක් එකක් ඕනෙ වෙනව busboy / formidable / multer වගේ.

අපි මුලින්ම body-parser install කරගනිමු.

මේක express install කරගත්ත වගේම අපිට කරගන්න පුලුවන් npm install කියන command එක use කරල.

npm install body-parser –-save

දැන් සුපුරුදු විදියටම මේ package එක app.js එකට require කරගන්න.

ඒ සමගම මේ සඳහා json අවශ්‍ය බව system එකට කියන්න මේ code part එකත් app.js file එකටම ඇතුලත් කරගන්න.

app.use(bodyParser.json());

මීට අමතරව request වලට response කරන්න අවශ්‍ය කරන req,res argumants යොදා ගන්න ඕනෙ.

App.js file එකට අදාල සම්පූර්ණ code එක පහත රූපයෙන් දක්වල තියනව.

මෙතනදි අපි කරන්න කියල තියෙන්නෙ request එකත් එක්ක ආව data ටික console එකේ display කරන්න කියල. මෙතනදි තමයි body-parser එක ඕනෙ වෙලා තියෙන්නෙ.

දැන් අපි controllers ගැන බලමු.

mainController.js file එකට අදාල code එක තමයි පහතින් දක්වල තියෙන්නෙ. මේකෙදි බලාගන්න පුලුවන් HTTP methods use කරල තියෙන්නෙ කියන එක.

App.js සහ mainController.js කියන files edit කරගත්තට පස්සෙ server එක restart කරල අපි මුලින් හදා ගත්ත form එක fill කරල submit කරල බලන්න. මේ විදියට අපි enter කරපු data ටික console එකේ පෙන්නයි.

මේ වෙද්දි අපේ application එකේ ලොකු වැඩ ප්‍රමානයක් කරල ඉවරයි. අපිට ඊළඟට කරන්න තියෙන්නෙ මේ ගත්ත data ටික mongoDB වල store කරගන්න එක.

ඊළඟ ලිපියෙන් අපි ඒ පිලිබඳව කතා කරමු.


bottom of page