NodeJS install කරගැනීම.
කලින් කිව්ව වගේම මේ හැම application එකකටම මූලික වෙන්නෙ NodeJS. NodeJS install කරද්දි install වෙන Node Package Manager (npm) එකෙන් තමයි අපිට ඕනෙ කරන packages install කරගන්නෙ. මේ ලිපි වලින් npm එකෙන් packages install කරගන්නෙ කොහොමද කියන එක ගැන අදහසක් ගන්න පුලුවන්.
අපි මුලින්ම බලමු කොහොමද Node install කරගන්නෙ කියන එක.
මුලින්ම පහත link එකට ගිහින් Node download කරගන්න.
NodeJS website එකෙන් කැමති version එකක් තෝරගෙන ඒ මත click කලාම setup file එක download වෙනවා. ඒ download වුන setup එකෙන් NodeJS install කරගන්න.
කලින් කිව්ව වගේම NodeJS සමඟම npm එකත් install වෙනවා.
NodeJS install වුනාට පස්සෙ අපිට මේ ව්දියට version එක බලාගන්න පුලුවන්.
Package.json
Npm වලදි අපිට ඕනෙ වෙන වැදගත් file එකක් තමයි package.joson කියන්නෙ. මේ file එක තමයි අපේ application එකට අදාල dependencies තියාගෙන ඉන්නෙ. මේ file එකෙන් දැනගන්න පුලුවන් project එක ගැන මූලික විස්තර වගේම පාවිච්චි කරල තියන packages මොනවද කියන එකත්.
මුලින්ම අපි project එකට අදාල folder එක හදා ගනිමු. මගෙ folder එකේ නම meanApp. මී ලඟට එම folder එකට අදාලව command prompt එක open කරගන්න.
අපිට npm init කියන command එක භාවිතයෙන් පුලුවන් package.json file එක හදා ගන්න.
මේ විදියට command එක නිවැරදිව run වුනාට පස්සෙ අපිට අපේ project folder එකේ බලා ගන්න පුලුවන් package.json කියන file එක හැදිල තියනව.
ඒ file එක text editor එකකින් open කලාම command prompt එකේ පෙන්නපු විස්තර ටිකම බලා ගන්න පුලුවන්.
දැන් අපේ mean app එකේ මූලික අදියර අවසානයි.
Node_modules folder
අපි install කරන packages වල විස්තර package.json file එකේ save වෙනව වගේම ඒ packages install වෙන්නෙ node_modules කියන folder එකට.
උදාහරනයක් විදියට අපි අපේ app එකට අදාල දෙවනි අදියර සම්පූර්ණ කරගමු.
දැන් අපි සූදානම් වෙන්නෙ Express.js අපේ application එකට ඇතුලත් කරගන්න. ඒත් සමගම අපිට node_modules folder එක ගැනත් අවබෝදයක් ලබා ගන්න පුලුවන්.
npm install --save කියන command එක terminal එකේ type කරල run කරන්න.
මෙතනදී --save කියන කොටස මගින් තමයි package.json file එකේ package එකට අදාල විස්තර save වෙන්නෙ.
Package එක නිවැරදිව install වුනානම් අපේ project folder එකේ බලාගන්න පුලුවන් node_modules කියන folder එක.
අපි install කරන හැම package එකක්ම මේ folder එකේ තියනවා.
app.js (server එක සෑදීම)
app.js file එක හරහා තමයි අපි server එක හදා ගන්න යන්නෙ. අපි බලමු කොහොමද express වල සහයත් අරගෙන අපේ server එක හදාගන්නෙ කියල.
Project file එකේ, ඒ කියන්නෙ අපි හදා ගත්ත meanApp කියන folder එකේ අලුතෙන් js file එකක් add කරගන්න app.js කියල.
ඒ file එකට මේ code එක add කරන්න.
var express = require('express');
var app = express();
app.get('/', function (req, res) {
res.send('my first resopond');
});
app.listen(3000,function(){
console.log("listening to port 3000");
});
අපි මේ code එක ටිකක් පැහැදිලි කරගමු.
var express = require('express');
var app = express();
මේ කොටසින් කරන්නෙ අපි install කරගත්ත express package එක අපේ app එකට require කරගන්න එක.
ඒත් එක්කම දෙවනි line එකෙන් ඊට අදාල object එකක් හදාගෙන තියනවා.
app.get('/', function (req, res) {
res.send('my first resopond');
});
මේකෙන් කියන්නෙ server එක නිවැරදිව වැඩ කරනවානම් ‘my first respond’ කියන එක browser එකේ display කරන්න කියල.
app.listen(3000,function(){
console.log("listening to port 3000");
});
මේ code එකෙන් කරල තියෙන්නෙ port එක set කරන එක. 3000 කියන port එකට server එක set කරන ගමන්ම console එකේ ‘listening to port 3000’ කියන message එක display වෙනවා.
දැන් අපි app.js file එක run කරගන්න ඕනෙ.
node app.js කියන command එකෙන් මේ file එක run කරගන්න පුලුවන්.
එතකොට අපිට terminal එකේ ‘listening to port 3000’ කියන එක display වේවි.
දැන් browser එක open කරගෙන ‘localhost:3000’ කියල url එක දෙන්න.
එතකොට මේ විදියට දකින්න පුලුවන්.
දැන් අපි server එකත් හදාගෙන ඉවරයි. මීලඟ ලිපියෙන් බලමු කොහොමද මේ app එකේ folder structure එකත් එක්ක front end එක හදා ගන්නෙ කියල.