top of page

ලේසියෙන්ම MEAN ඉගෙන ගනිමු. (Part - 1)


MEAN, මොකද්ද ඇත්තටම මේ MEAN කියන්නෙ?

MEAN කියන්නෙ අද වෙනකොට web developersල අතරෙ බොහොම ප්‍රසිද්ධ වෙලා තියන JavaScript technologies කිහිපයක් එකම web application එකක් සඳහා යොදා ගැනීමක්.

බොහෝ වෙලාවට අපිට දකින්න ලැබෙන්නෙ front end, back end, data bases සඳහා විවිද ආකාරයේ technologies භාවිතා කිරීමයි. නමුත් මෙහිදී භාවිතා වන්නේ JavaScript.

අප කතා කල ආකාරයට මෙහි අඩංගු වෙන technologies තමයි MongoDB, Express.JS, Angular.js සහ Node.JS

MEAN කියන නම ලැබෙන්නත් මූලික වෙලා තියෙන්නෙ මේ කියන technologies ටිකම තමයි.

  • M – MongoDB

  • E – Express.JS

  • A – Angular.JS

  • N – Node.JS

අපි දැන් මේ කියන technologis ගැන සුලුවෙන් හෝ අවබෝදයක් ලබා ගනිමු. ඒක ඉදිරියේදී වැදගත් වේවි.

MongoDB

සාමාන්‍යයෙන් database එක සඳහා MySQL වගේ databases භාවිතා කලත් MEAN වලදී database එක විදියට අපි භාවිතා කරන්නෙ MongoDB.

NoSQL database system එකක් වෙන MongoDB දත්ත ගබඩා කරන්නේ JSON (binary) ආකාරයටයි. මේ නිසා client සහ server එක අතර දත්ත හුවමාරු කර ගැනීම ඉතා පහසු වෙනවා.

ඊට අමතරව මෙහිදී අවශ්‍ය අයුරින් දත්ත ආකෘතිය (data structure) වෙනස් කර ගැනීමේ හැකියාව තියෙනවා. තවද real time දත්ත ඇතුලත් කිරීමේ හැකියාවද මෙහි පවතිනවා.

තවද අවශ්‍ය අයුරින් දත්ත ගබඩා කිරීම හා ඉතා ඉක්මනින් නැවත එම දත්ත භාවිතයට ගැනීමට හැකි වීමද මෙහි ඇති ඉහල ගුනාංගයක්.

MongoDB යනු fee and open-source දත්ත ගබඩාවකි.

MongoDB ගැන තවත් බොහොමයක් තොරතුරු පහත link එකෙන් බලා ගන්න පුලුවන්.

Express.JS

MEAN වලදී භාවිතා වන JavaScript technology එකක් තමයි Express.JS කියන්නෙ. සරලවම කියනවනන් Express කියන්නෙ Node.JS වලට අදාල framework එක.

අපි PHP වගේ technology එකක් භාවිතා කරනවනන් වැඩ කරන්නෙ Laraval, Codeigniter, CakePHP වගේ frameworks වලින්.

ඒ වගේම Node.JS වලදී framework එක විදියට අපි පාවිච්චි කරන්නෙ Express.

Express framework එක single page, multi-page කියන ඕනෙම ආකාරයේ web application එකක් සඳහා support කරනවා.

Express framework එක ගැන තව දුරටත් දැන ගැනීම සඳහා පහත link එකට යන්න.

Angular.JS

Google වලින් හඳුන්වල දුන්න front end development සඳහා වන framework එකක් තමයි angular කියන්නෙ. MVC architecture එකට තියන framework එකක් විදියට Angular හඳුන්වන්න පුලුවන්.

Two way binding වගේ සුවිශේෂී ලක්ෂණ බොහොමයක් සමඟ එන Angular framework එක front end development වලදි මෙතෙක් හමු වූ ගැටලු විශාල ප්‍රමානයකට විසඳුම් දීල තියන සම්පූර්ණ framework එකක් විදියට web developersල අතර ප්‍රසිද්ධ වෙලා තියනවා.

සාමාන්‍ය HTML syntax වලට වඩා ටිකක් advance විදියට තිබුනත් මෙය ඉතාමත් සාර්තක විදියට භාවිතා කරන්න හැකියාව තියනවා.

Angular framework එක ගැන තව දුරටත් දැන ගැනීම සඳහා පහත link එකට යන්න.

Node.JS

Web development වලදි අපිට අවශ්‍ය වෙන back end environment එක හදා ගන්න තමයි අපි Node.JS භාවිතා කරන්නෙ.

ඇත්තටම කියනවනන් MEAN වලදි Node වලින් ලැබෙන්නෙ අනිත් හැම දේකටම වඩා සහයක්. එහෙම කියන්න හේතුවක් තියනව. Node.js install කරද්දි ඒකත් එක්කම install වෙන NPM (Node Package Manager) එක අපිට application එකේදි හැම තැනකදිම පාවිච්චි කරන්න වෙනවා.

අපි ඉදිරි ලිපි වලදී Node install කරගැනීම පිලිබඳ කතා කරමු.

Node.js ගැන තව දුරටත් දැන ගැනීම සඳහා පහත link එකට යන්න.

අපි මීලඟ ලිපියෙන් කතා කරමු මේ කියන technologies එක්ක කොහොමද වැඩ කරන්නෙ කියන එක පිළිබඳව.

References

https://rajith681.wordpress.com/2017/02/24/your-first-mean-stack-application/ https://angularjs.org/ https://chamrithblog.wordpress.com/2016/10/04/how-to-install-mongodb-in-windows/ https://www.sitepoint.com/introduction-mean-stack/


bottom of page