top of page

JAVA SCRIPT ගැන දැනගනිමු. (part - 3)


මෙම ලිපියෙන් අප සලකා බලනු ලබන්නේ JavaScript භාවිතයේදී යෙදෙන මූලික දේවල් කිහිපයක් සම්බන්ධවයි.

Variables

JavaScript වල දත්ත රඳවා ගන්නා ආකාරයක් ලෙස variables සැලකිය හැකියි. පහත අයුරින් varable එකක් declare කර ඊට දත්ත ලබා දිය හැකියි. අවශ්‍ය වන අවස්තා වලදී variable එකේ නම (variable name) භාවිත කර එම දත්තය භාවිත කල හැකිය.

Var num;

num = 4;

var c = num*5;

Data types

දත්ත වල අන්තර්ගතය අනුව දත්ත විවිද ආකාර වලට අයත් වේ. ඒවායින් කිහිපයක් පහත දක්වා ඇත.

  • Numeric

  • String

  • Boolean

  • Undefined

  • Symbol

​Ternary operator

මෙය if else වල තවත් ආකාරයක් ලෙස දැක්විය හැකිය. If else පිළිබඳව මූලික දැනුමක් නොමැතිනම් ඉදිරි ලිපි වලින් ඒ පිළිබඳව අවබෝදයක් ලබා ගත හැකිය.

එසේ නොමැතිනම් පහත link එක මගින් වැඩි දුර තොරතුරු දැනගත හැකිය.

පෙර සදහන් ආකාරයටම මෙම operator එක භාවිතයෙන් code line ප්‍රමාණය අඩු කරගත හැකිය.

Ex :-

a == b ? console.log(“match”) : console.log(“not match”);

මෙහි ඇති කොටස් වෙන වෙනම හඳුනා ගනිමු.

a == b - condition

console.log(“match”) - if part

console.log(“not match”) - else part

මෙය පහත ආකාරයට if else මගින් දැක්විය හැකිය.

If ( a==b ){

Console.log(“match”);

} else {

Console.log(“not match”)

}

සියලුම progrmming languages වලට පොදු conditional statements වල සිද්ධාන්තයන් මෙහිදීද පොදු වේ. අවශ්‍ය වන්නේ ඊට අදාල syntax එක දැන ගැනීම පමණි.

Functions

JavaScript වලදී function වර්ග තුනක් හඳුනා ගත හැකිය.

  1. Named function

  2. Anonymous function

  3. Immediately invoked function expressions

Named functions යනු අප සාමාන්‍යයෙන් භාවිත කරන functions වේ.

Ex :-

Function divided ( ) {

Var result = 3/4;

Console.log ( result );

}

Calling function : - divided ( );

Anonymous function සලකා බලන විට මෙම function variable එකක store වී ඇත. Function එක call කරන විට variable name එක function එකේ නම ලෙස සලකා call කරනු ලබයි.

Ex :-

Var divided = function ( ) {

Var result = 3/4;

Console.log ( result );

}

Calling function : - divided ( );

Immediately invoke functions එකට call කිරීමකින් තොරව browser එක මගින් function එක හමු වූ විගස function එක ක්‍රියාත්මක වේ.

Ex :-

(function ( ) {

Var result = 12/13;

Console.log ( result );

}( ) )

මෙහිදී පහළම ඇති වරහන මගින් function එක ක්‍රියාත්මක (trigger) කරනු ලබයි.

දැන් තවත් වැදගත් අවස්තාවක් සලකා බලමු.

සමහර අවස්තාවන්හිදී අප string එකක් ලෙස ලබා දිය යුතු දේවල් code එක මගින් තවත් syntax එකක් ලෙස හඳුනා ගනියි. මෙය program එකේ errors ඇති කිරීමට හේතු වෙයි.

මෙම ගැටලුව සඳහා dot/bracket notation එක හඳුන්වා දී ඇත.

Dot notation

Ex : -

Word.title

Course.wp:image

Word[“title”] : - cause syntax errors

Course[“wp:image”] :- normal string

මෙම ලිපියෙන් අප මූලික JavaScript syntax කිහිපයක් හා යෙදුම් ආකාර කිහිපයක් පිළිබඳව සලකා බැලුවා. මීලඟ ලිපියෙන් DOM (Document Object Model) එක පිළිබඳව සලකා බලමු.


bottom of page