මුල් ලිපියෙන් අපි කතා කලා Java script කියන්නෙ කුමක්ද යන වග. මෙම ලිපියෙන් අපි සලකා බලමු JavaScript අපේ වෙබ් පිටුව සඳහා කොහොමද භාවිත කරන්නෙ කියල.
මූලිකවම web development වලදී,
HTML – අන්තර්ගතය සඳහා (Content)
CSS - ඉදිරිපත් කිරීම සඳහා (Presentation)
JS – අන්තර් සම්බන්ධය සඳහා (Interactivity)
මෙහිදී JavaScript භාවිත කරන ආකාර කිහිපයක්ම අපිට හමුවනවා.
1. අන්තර් භාවිතය (internal)
මෙහිදී JavaScript අදාළ ගොණුව (file) තුලදීම භාවිත කරයි.
මේ සඳහා <script></script> tag එක භාවිත කරන්න පුලුවන්.
<script>
var num = 0;
alert(num);
</script>
2. බාහිර භාවිතය (external)
මෙහිදී JavaScript ප්‍රධාන ගොණුවෙන් පිටත පවතින වෙනත් ගොණුවකට ඇතුලත් කර එම ගොණුව link කිරීම මගින්ද JavaScript භාවිත කරන්න පුලුවන්.
<script src=”script.js”></script>
බාහිර JavaScript ගොණු භාවිත කරන ආකාර (Loading methods)
මෙහිදී අවශ්‍යතාව අනුව බාහිර ගොණු ප්‍රධාන ගොණුවට ගෙන්නා ගන්නා ආකාර කිහිපයකි. නිසි අවබෝධයක් සහිතව මෙම ක්‍රම භාවිතයෙන් වඩා හොඳ web application එකක් නිර්මාණය කරගත හැකිය.
මෙහිදී කාර්යයන් තුනක් පාදක කරගනී.
HTML ක්‍රියාත්මක වීම (HTML parsing)
JS බාගත වීම (JS download)
JS ක්‍රියාත්මක වීම (JS execution)
මෙහිදී HTML parsing යනුවෙන් හඳුන්වනු ලබන්නේ HTML tags වලින් ඇති codes නිසි ලෙස නිරූපණය කිරීම සඳහා කුඩා කොටස් වලට වෙන් කරගෙන යම් නීති පද්ධතියක් මගින් සුදුසු අයුරින් සැකසීමයි.
ඉහත කාර්යයන් වලට අදාලව පහත ක්‍රම ක්‍රියාත්මක වේ.
1. Right away loading (අවශ්‍ය වූ වහාම)
මෙහිදී HTML වල කාර්යය නවතා JS download වීම හා JS execute වීම සිදු වේ. පහත රූප සටහනින් ඒ පිලිබඳ පැහැදිලි අවබෝධයක් ලබා ගත හැක.
<script src=”script.js”></script>
2. Asynchronous loading (අසමමුහුර්තක)
මෙහිදී HTML parse වන අතරදීම JS download වීම සිදු වේ. JS execute වීම සිදු වන විටදී HTML parse වීම නතර වී JS වලට අවස්ථාව ලබා දේ.
<script src=”script.js” async></script>
3. Deferred loading (ප්‍රමාද වී)
මෙහිදී HTML parsing, JS downloading යන කාර්යයන් දෙකම සිදු වීමෙන් අනතුරුව සියල්ල අවසානයේ JS execution සිදු වේ.
<script src=”script.js” async></script>
JS ගොණු වලදී capital හා simple අකුරු වෙන වෙනම හඳුනා ගනී. (case sensitive)
Variable හා හැඳින්වීමේ නාමයන් (identifiers) භාවිත කිරීමේදී Camel Case භාවිත කල හැකිය.
Ex :- calculate numbers යන identifier එක calculateNumbers ලෙස භාවිත කල හැකිය.
Codes පැහැදිලි වන අයුරින් හිස්තැන් තබා type කිරීම මගින් (indent) code එක තේරුම් ගැනීමේ හැකියාව වැඩි වේ.
සෑම ප්‍රකාශනයක්ම semicolon ( ; ) එකක් මගින් අවසන් වේ.
Code එක හඳුනා ගැනීමේ පහසුව උදෙසා comments යෙදීම සිදු කල හැකිය.
මෙම ලිපිය තුලින් JavaScript ගොණුව තුලට ඇතුලත් කර ගැනීම පිලිබඳ සලකා බැලුවා. මීළඟ ලිපියෙන් JavaScript වල codes පිලිබඳ තව දුරටත් විමසා බලමු.