මගේ පළමු ලිපියෙන් මම කතා කරන්න තෝරගත්තෙ Java Script ඇත්තටම මොකද්ද මේ javascript?
අද වෙනකොට ලෝකයේ ප්‍රධාන technology එකක් බවට පත්වෙලා තියන Java Script මූලික වශයෙන් interactive websites සඳහා භාවිත කරනවා.
බොහෝ විට අපි Java Script හඳුනා ගන්නේ web development වලට භාවිත කරන front end technology එකක් විදියට. ඒ කියන්නෙ වෙබ් පරිශීලකයා (user) සහ වෙබ් පිටුවෙ අතුරු මුහුනත (interface) අතර සම්බන්ධය ගොඩ නගන්න භාවිත කරන technology එකක් විදියට. නමුත් Java Script කියන්නෙ front end වලට පමණක් සීමා වුන technology එකක් නෙවෙයි. Node.js වගේ technology backend සඳහා භාවිත වෙනවා. අප ඒ පිළිබඳව ඉදිරියේදී කතා කරමු.
ඊට ප්‍රථමයෙන් Java Script කියන්නෙ මොකක්ද කියල හඳුනා ගමු.
Java vs Java Script
Java
Java කියන්නෙ programming language එකක්. පරිගනක යෙදුම් (application) නිර්මාණය සඳහා භාවිත කරනවා. මීට අමතරව තවත් උපකරණ සඳහාද යෙදුම් නිර්මාණයට භාවිත කරනවා.
JavaScript
Java Script කියන්නෙ scripting language එකක්. ඒ කියන්නෙ නිර්මාණය කරන යෙදුම් run කරන්න කලින් compile කිරීමක් අනවශ්‍යයි. Web browser වල තියෙන content සහ server එකත් සමඟ interact වීම සඳහා Java Script භාවිත කරන්න පුලුවන්.
දැන් අපි Java Script වල භාවිතයන් ගැන කතා කරමු.
ECMAScript
Web browser විසින් ECMAScript භාවිත කරනවා Java Script වෙනත් syntax ආකාර වලට පරිවර්තනය කරන්න. නමුත් Java Script හා ECMAScript යන දෙකේදීම අවසන් ප්‍රතිඵලය සමානයි.
ECMAScript 2015 (ES 6)
ECMAScript වල version කිහිපයක් තියනව. මින් ප්‍රධාන ආකාරයක් විදියට ECMAScript 2015 (ES 6) හඳුන්වනු ලබනවා. මේ සඳහා Babel වගේ transpiler අවශ්‍ය වෙනවා. Transpiler එක හරහා පරිවර්තන කටයුත්ත සිදු කරගන්න පුලුවන්.
ECMAScript 2015 (ES 6) ට අමතරව ECMAScript 2011 (ES 5.1) හා ECMAScript 2016 (ES 7) ද පවතිනවා. නමුත් ECMAScript 5.1 මේ වන විට භාවිත වෙන්නෙ නෑ.
JQuery
JQuery, Java Script වල function ඇතුලත් library එකක් විදියට හඳුන්වන්න පුලුවන්.
මේ මගින් වෙබ් පිටු සඳහා Java Script පහසුවෙන් භාවිතයට අවස්ථාව සලසා දෙනවා.
තවද Java Script වල syntax මුලුමනින් භාවිතයකින් තොරව Java Script වල යෙදුම් සිදු කිරීමට හැකියාව තියනවා.
Java Script Frameworks
Angular.js , React.js , Vue.js යන frameworks front end සඳහා භාවිත කරන අතර Express.js backend සඳහා භාවිත කරනවා. Express.ja යනුවෙන් හඳුන්වනු ලබන්නේ backend platform එකක් වන Node.js වලට අදාළ framework එකයි.
මෙම frameworks භාවිත කරන්නේ දියුනු තාක්ෂණයෙන් යුතු web applications ඉතා පහසුවෙන් හා සරලව නිර්මාණය කරගැනීම සඳහායි.
Node.js
Java Script platform එකක් වන Node.js server එකේ හා පරිගණකයේ යෙදුම් සඳහා භාවිත කරනවා. PHP වැනි backend technology වලට වඩා Node.js ඉතා සාර්ථක ලෙස භාවිත කිරීමේ හැකියාව තියනවා.
ඒ පිලිබඳ වැඩි දුර තොරතුරු ඉදිරි ලිපි වලින් සාකච්ඡා කරමු.
මේ තමයි Java Script වල මූලික තොරතුරු. මීලඟ ලිපියෙන් web application සඳහා Java Script යොදා ගන්නා ආකාරය විමසා බලමු.